මාගේ උසස් අධ්‍යාපනය
සඳහා පැමිණි IJTS ආයතනයේදී 2011-08-04 දින ප්‍රථම වරට එහි නිර්මාතෘ ආචාර්ය ඉෂාන්ත
සිරිබද්දන නමැති යුග පුරුෂයා මට මුණ ගැසිණි. එදින ගුරුවරයෙකු ලෙස අප ඉදිරියට පැමිණි ඔහු
වෙතින් දිනයට නියමිත Data Bases නමැති පාඩම
ඉගෙනීමට බලා සිටි අපට ඔහු ඉගැන්වූයේ වෙනත් පාඩමකි. Professional Issues යනුවෙන් ඔහු නම් කල එම පාඩම් මාලාවේ
ආරම්භයේදී ජීවිතය පිලිබඳ කිසිදු
නිශ්චිත අධිෂ්ඨානයක් නොතිබුණු මට පාඩම අවසානයේදී ජීවිතය ජය ගැනීම පිලිබඳ
ස්ථිර ඉලක්කයක් මගේ සිතේ තැන්පත් කිරීමට තරම් අති විශිෂ්ඨ බවක් එම පාඩම්
මාලාව තුල හා එම ගුරුවරයා තුල ඇති බව පාඩම ආරම්භයේදී මම කිසිසේත්ම නොසිතුවෙමි. මම විශ්වාස කරන
පරිදි නම් ඊට පසුබිම් වූයේ ඔහු කියන පරිදිම සැබවින්ම ඔහු ගුරුවරයෙකු නොව පුහුණුව ලැබූ
පුහුණුකරුවකු වීමය. අවුරුදු 13ක් විභාග සමත්වීම සඳහාම ඉගෙනුම ලැබූ
මගේ ජීවිතයේදී, සමාජය ජයගෙන උපන් මව්බිමට
සේවයක් මෙන්ම ආඩම්බරයක් ද වන ලෙස ජිවත් වීමට මා හට ස්ථිර ඉලක්කයක් ලබා දුන් එම පාඩම් මාලාවේ
සාරාංශය වැඩිදෙනාගේ දියුණුව සඳහා සයිබර් අවකාශය තුලට එක් කිරීමට සිතා මෙම සටහන ලියන්නට මම සිතුවෙමි.
පෙරත් මම සඳහන් කල පරිදි මෙම පාඩම් මාලාවේ මාතෘකාව "Professional Issues" ලෙස හැඳින්වූ එතුමා "How To Be A Rich Person Before Age 24" යන්න පාඩමේ තේමාව කර ගත්තේය. එම තේමාව සාක්ෂාත් කර ගැනීම සඳහා අප ක්‍රියා කල යුතු ආකාරය ප්‍රධාන කරුණු 3ක් ඔස්සේ ඔහු විසින් පැහැදිලි කළේය.

Do Not Do A Job Before Age 24 (Rat Race
Theory)
එතුමා පවසන පරිදි අප වයස 24 ට පෙර රැකියාවක් ආරම්භ කළහොත් අපට සිදුවනුයේ අපගේ වෘත්තීය දිවිය පහල මට්ටමේ තනතුරකින් ආරම්භ කිරීමටය. මෙවිට අපට සිදු වනුයේ උදේ 8.00 ට කාර්යාලයට ගොස් හවස 5.00 ට ගෙදර එන සාම්ප්‍රදායික රාමුව තුලට කොටු වීමට වන අතර සුදුසුකම් අඩු බැවින් වේතනයද ඉතා පහල මට්ටමකින් ඇරඹේ. ඉහත සඳහන් ක්‍රමය නිසා නොනැවතී වළල්ලක් මෙන් දිවෙන මෙම ක්‍රියාදාමය බෝතලයක් තුලට දැමු මීයන් දෙදෙනෙක් එකිනෙකාගේ වලිගා අල්ලා ගැනීමට එකෙක් පිටිපස අනිකා බෝතලය වටා කැරකෙන්නාක් බඳුය. මෙහිදී උන් දෙදෙනාටම කවදාවත් තම අරමුණ ඉටු කරගත නොහැකිවා පමණක් නොව බෝතලයෙන් එලියට පැමිණීමටද නොහැකිය. ඒ වාගේම සුදුසුකම් නැතිව රැකියාවකට ගිය විට එම රැකියාවේ කාර්යබහුලත්වයත් සමඟ ඉන් මිදී තවත් උසස් රැකියා අවස්ථාවක් කරා යාමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට අපට කාලයක් නැති බැවින්, උසස්වීම් ලැබෙනතුරු එතනම සිරවී සිටින්නට සිදුවේ. එම නිසා අප මුල්‍යමය අතින් ඉහල තත්වයකට පැමිණීමට පෙර අපගේ ජිවිතයේ තරුණ කාලය අපටත් නොදැනීම සෙමෙන් සෙමෙන් අප අත ඇර යනු ඇත. එබැවින් මෙම ක්‍රියා පටිපාටිය Rat Race Theory එක යනුවෙන් ද හඳුන්වනු ලැබේ. අද ශ්‍රී ලංකාවේ 85% කටත් වැඩි පිරිස ඔවුන්ටත් නොදැනීම මෙම Rat Race එක තුලට වැටී ඇති බව හොඳට සිතා බැලුවහොත් ඔබටම වැටහෙනු නියතය.

එම නිසා වයස 24 වන තෙක් ඉගෙනීම්
කටයුතු වල අපට හැකි උපරිමයෙන්ම නියැලී එම සුදුසුකම් සමඟ උසස්
තනතුරකින් වෘත්තීය ජිවීතය ආරම්භ කල යුතුය යන ඉෂාන්ත සිරිබද්දන
ගුරුතුමන්ගේ අදහස කාලෝචිත ද නැද්ද යන්න තීරණය කිරීම ඔබට බාරය………………
Should Not Money Oriented
"How To Be A Rich Person Before Age 24" යන තේමාවෙන් ආරම්භ කල මෙතුමාගේ පාඩමේ ඊට අදාළ දෙවන කරුණ ලෙස Should Not Money Oriented යන්න පැවසූ විට මම ද මෙය කියවන ඔබ මෙන්ම වික්ෂිප්ත වීමි. 'කෙසේද මුදල් ගැන නොසිතා පොහොසත් වෙන්නේ?' යන්න මට ඇතිවූ ක්ෂණික ගැටලුවයි. මෙහිදී එතුමාගේ අදහස වුයේ මෙවැනි දෙයකි……….

පොහොසත් වීමට මුදල්
අවශ්‍ය නමුත් ඒ සඳහා අපි යන ගමනේදී මුදල් හෙවත් සල්ලි යන දේ ජිවිතයේ
මුලික දේ කර නොගත යුතු බව පැවසූ එතුමා මුදල මූලික කරගත් කෙනෙකුට සමාජයේ ගරු
කටයුතුව ජිවත් විය නොහැකි
බව මෙන්ම පොහොසත් වුවත් එම තත්වය එක දිගට
පවත්වාගෙන යා නොහැකි බව අපට වටහා දුන්නේය. එමෙන්ම අප මුදල මූලික කරගෙන මුදල් පසුපසම
හඹා යන්නෙකු උවහොත් අපගේ නෑදෑ, යාලු මිත්‍ර පමණක් නොව මව්පිය සබඳතා ද බිඳ
වැටෙන බව පැහැදිලි කර දුන් එතුමා එම සබඳතා ආරක්ෂා කරගෙන අප මුදල් අතින්
පොහොසත් විය යුතු බව අපට තේරුම් කර දුන්නේය.
Don’t Go
Behind The Money....
Wait Will Till Money Coming Behind you.........
ඉහත වැකිය මඟින් මෙම මාතෘකාවේ හරය අප හට ලබා දුන් එතුමා පැවසූයේ "ඔබ මුදල් පසුපස යන්න එපා, දවසක මුදල් ඔබ පසුපස එන්න ගන්නකම් මහන්සිවෙලා ඔබ වැඩ කරන්න" යනුවෙනි. එවිට අපට මුදල් අතින් මෙන්ම සමාජ සබඳතා අතින්ද පොහොසත් විය හැකි බව අපටම දැනුනේය.

Be a Social Worker
අප අරමුණක් කරා ගමන් කිරීමේදී සමාජ සබඳතා ඊට කෙතරම් වැදගත් වන්නේ ද යන්න මෙම මාතෘකාව මගින් ඔබට පැහැදිලි වනු ඇත.
අප අරමුණක් කරා ගමන් කිරීමේදී සමාජ සබඳතා ඊට කෙතරම් වැදගත් වන්නේ ද යන්න මෙම මාතෘකාව මගින් ඔබට පැහැදිලි වනු ඇත.
සමාජ සේවා කටයුතු
සඳහා බොහෝ දෙනා සහයෝගය පල කරන්නේ මුදල් අතින් වුවත් එම සමාජ සේවා කටයුතු සඳහා
අපගේ ශ්‍රමයෙන් යමක් කල හැකි නම් එය ඉතා අගනේය. ඒ කුමක් නිසාද යත් මධ්‍යම
පාන්තික අපට එවැනි වැඩ සඳහා මුදල් අතින් විශාල පරිත්‍යාග කල නොහැකි නිසාත්, ඊට
වඩා විශාල සහයෝගයක් අපගේ ශ්‍රමය මඟින් අපට ලබා දිය හැකි නිසාත්ය. මින්
අපට ලැබෙන ප්‍රධානම ප්‍රයෝජනය නම් සමාජයේ සියලු තරා තිරම් වල ජීවත් වන
විවිධාකාර පුද්ගලයන් සමඟ එක්ව ක්‍රියා කිරීමට ලැබීමත් එම පුද්ගලයන් සමඟ
සෘජුවම සබඳතා ගොඩ නඟා ගත හැකි වීමත්ය.
කෙසේ වුවත් විශේෂම
කරුණ නම් පෙර මාතෘකාවේ දී මෙන්ම මෙහිදීත්
අප සමාජ සේවා කටයුතු වල නියැලෙන විට ඉන් අපට අත්වන වාසි සළකා බලා ඒවාට
ඉදිරිපත් නොවිය යුතුය. එය කිසිසේත්ම අනුමත කල නොහැකි ක්‍රියාවක් බව අපට
ඉෂාන්ත ගුරු පියාණන් විසින් පෙන්වා දෙන ලදී.
මාතෘකාවට අදාල ප්‍රධාන
කරුණු 3ක් ඔස්සේ මෙසේ
කරුණු දැක්වුනු අතර, මම මීළඟට මගේ සටහනේ ඇති විශේෂිතම කොටසට
පිවිසෙමි..........
මෙම සියලු කරුණු
දක්වමින් එතුමා අපට පැවසුවේ කුඩා කල සිටම අපගේ බලාපොරොත්තුව වී
තිබෙන "මම මේ රැකියාවේ නියැලෙමි" යන සාම්ප්‍රදායික අදහසින් ඔබ්බට යාමට කාලය
පැමිණ ඇති බවත් "මම තවත් එක් පුද්ගලයෙකුට හෝ මගේ ළඟ රැකියාවක් ලබා දෙමි"
යනුවෙන් සිතිය යුතු කාලය දැන් එළඹ ඇති බවත්ය. එනම් එතුමාගේ අදහස වූයේ
තවත් සේවා නියුක්තිකයන් (Employments)
පිරිසක් බිහි කිරීම නොව එක් හෝ ව්‍යවසායකයෙකු (Entrepreneur) බිහි කිරීමය. ව්‍යවසායකත්වය පිළිබඳව අපගේ අවශ්‍යතාවයට සරිලන තරමේ දැනුම් සම්භාරයක් පැය 4ක් වැනි කෙටි කාල වෙලාවක් තුලදී අප සතු කිරීමට තරම් එතුමා දක්ෂ විය.

ඔහු පැවසුවේ අප වයස
24 තෙක් ඉගෙන ගන්නා
කාල සීමාවේදී ඉගෙනීම තරම්ම කැප කිරීමක් යොදා ව්‍යවසායකයෙකු ලෙස යම් ව්‍යාපාරයක්
ආරම්භ කිරීමට උත්සාහ කළ යුතු බවය. එම උත්සාහය කෙසේ හෝ එක් අවස්තාවකදී
සාර්ථක වන බව පැවසූ එතුමා එසේ උත්සාහ කර වයස 24 තෙක්ම අපට සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස යම්
දෙයක් ආරම්භ කළ නොහැකි උවහොත්
එවිට අප උත්සාහ කළ එම කාල සීමාවේ ලැබුණු අත්දැකීමුත් සමඟ අපගේ අධ්‍යාපන
සුදුසුකම් එක් කරගත් විට අපට ඕනෑම ආයතනයක අප අධ්‍යාපනය ලැබූ විෂයට අදාළ ඉතා
උසස් තනතුරක් සඳහා රැකියාවකට අයදුම් කළ හැකි වනු නියතය.
එසේ ව්‍යවසායකයෙකු
වනවානම් ඒ කෙසේද යනුවෙන් පැහැදිලි කරදුන් එතුමා ලොව පිළිගත් සම්මතයක්
වන Genius Line එකේ අවසන් කෙලවරේම
සිටින කෙනෙකුට උවත් පුහුණුව ලත් පුහුනුකරුවෙකුගෙන් ලැබෙන පුහුණුව යටතේ
යම්තාක් දුරකට දියුණු විය හැකි බව අපට වටහා දුන්නේය. එමෙන්ම ව්‍යවසායකත්වයේදී
මෙන්ම ඉතාමත් වටිනා තවත් ලෝක ප්‍රසිද්ධ Theory එකක් වන Iceberg Theory එක පිළිබඳවද ඔහු
අපට පහදා දුන්නේය. එය
කෙටියෙන් පවසනවානම්, දියෙහි ගිලී පවතින
අයිස් කන්දක දියෙන් උඩට පෙනෙන
ප්‍රමාණය පමණක් සළකා බලා මුළු අයිස් කන්ද පිළිබඳවම තීරණ ගන්නවාක් මෙන් යම්
දෙයක් පිලිබඳ අපට දැකිය හෝ ඇසිය හැකි දේ පමණක් සළකා බලා තීරණ නොගෙන ඊට අදාළ
සියලුම කරුණු සළකා බලා විශ්ලේෂණය කර නිවැරදිම තීරණය ගැනීම ව්‍යවසායකයෙකුට
ඉතාමත් වටිනා බව ඔහු අපට පහදා දුන්නේය.
අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටත් සේවා නියුක්තිකයෙක්
නොව ව්‍යවසායකයෙකු වී අපගේ මව්බිමට විශාල සේවයක් කිරීමට උත්සාහ
කරන ලෙස ආරාධනා කරමින් මගේ සටහන අවසන් කරමි...........................
සංස්කරණය - එස්.දසුන් කරුණාරත්න